ගොවීන් ගේ ජල ගැටළු විමසන්න ජනපති ඉදිරිපත් වෙයි

මේ දිනවල කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් පවතින ජල ගැටළුව පිළිබඳව විමසා බැලෙන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරු 03ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.උඩවලව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත යාම හේතුවෙන් ගොවිබිම් සඳහා ජලය මුදා හැරීමේ කටයුතු මේ වන විට නතර වී ඇති අතර විශේෂයෙන් එම ගොවිබිම් සඳහා විදුලිබල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ ජලය නිකුත් කරන ලෙස ඉල්ලමින් වලව කලාපයේ ගොවීන් මේ වන විටත් විරෝධතාවල නිරත වෙමින් සිටිති. ඒ සම්බන්ධයෙන් කරුණු විමසා බැලෙන මෙම සාකච්ඡාව සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් කැඳවා තිබේ.

කාලීන පුවත්