හෙක්ටයාර් 2 කට අඩු කුඹුරු හිමි අඩු ආදායම් ලාභී ගොවීන් ලබාගත් ගොවි ණය කපා හැරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මේ අනුව රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය මේ අනුව අත්හිටුවන බවත් ප්රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 28,000ක් බවත් එහි දී බැංකු වලට අයවිය යුතු මුදල් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකුවලට බැර කරන බව ජනපතිවරයා සඳහන් කරයි.මේ සඳහා වෙන්කරන මුදල රුපියල් මිලියන 350ක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.