ගෝටාගෝගම රැක දීම රුවන්ට බාර වෙයි

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ ස්ථාපිත කොට ඇති ගෝඨාගෝගම විරෝධතා ගම්මානය ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.”ගෝඨාගෝගම” ආරක්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ උදව් උපකාර ලබා ගැනීම සඳහා නගරාධිපතිනියත් එම භූමිය අයත් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙකුත් එහි වැඩ කටයුතු වලට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැළසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිතයකුත් එහි සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයකුත් ඇතුළත් කොට කමිටුවක් ද පත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.නමුත් ගෝඨා ගෝ ගම පාලනය කළ යුත්තේ එතැන සිටින කණ්ඩායම මිස ආණ්ඩුව නොවේ යැයි කී අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවට තිබෙන්නේ ඊට සහයෝගය ලබා දීම බව ද අග්‍රාමාත්‍ය වරයා අවධාරණය කළේය

කාලීන පුවත්