ගෝඨාගෙන් ගිළිහුණු”ගම සමඟ පිළිසඳර”යළිත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාවට නංවනු ලදුව අතිශය අසාර්ථක බව තහවුරු වූ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේ දිගුවක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් හෙට(20) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.එහිදී පක්ෂයට නව සාමාජිකයන් බඳවා කමිටු සභා පිහිටුවීම, ගමේ ප්‍රශ්න හඳුනාගැනීම සිදුකිරීමට නියමිතව ඇත.මෙම වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් නම් කිරීමට ද නියමිත ය.

කාලීන පුවත්