ගෝඨා “ඇන්ඳවූ” කාබනික පොහොර වැඩ සටහනත් අරගලයේ මහ මොළ කරුවන් ගේ වැඩක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ කාලයේදීම තෙවන පාර්ශවයක් විසින් ඔහු බලයෙන් පහ කරන අරගලය මෙහෙයවීම ඇරඹූ බවත් රසායනික පොහොර වලින් ඈත් වී කාබනික පොහොර යොදා ගැනීමේ තීරණය පසුපස සිටියේ ද අරගලය මෙහෙය වූ මහමොළකරුවන් බව තමන්ට හැඟෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.”අසාර්ථක කාබනික පොහොර යොදා ගැනීමේ හිටපු ජනාධිපති වරයාගේ තීරණය අපේ ගොවි ජනතාවට හඳුන්වා දීම තුන්වන පාර්ශවයක උවමනාව අනුව සිද්ධ උනාද කියන සැකය අපිට තියෙනවා.”මන්ත්‍රී වරයා කීය.ඒ කෙසේ හෝ කෘෂි විද්‍යාඥයන් ගේ විද්‍යාත්මක මත සපුරා බැහැර කරමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මය කාබනික පොහොර මඟින් පමණක් නඩත්තු කළ හැකිය යන බරපතල මිථ්‍යාව සමාජ ගත කළ බහුතරයක් අද ද ශ්‍රී ලංකා පොදු පෙරමුණු ක්‍රියාකාරී දේශපාලනයේ නියුක්ත ව සිටිති.

කාලීන පුවත්