ගෝඨා හෙට තායිලන්තයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(11) දිනයේ තායිලන්තයට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.එහි සඳහන් වනුයේ තාවකාලික සංචාරයක් සඳහා ඔහු මෙලෙස පැමිණීමට නියමිත බවයි.මාලදිවයිනේ සිට පසුගිය ජුලි 14 වනදා සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා එහි රැඳී සිටින අතර සින්ංගප්පූරුවෙන් ඔහුට හිමි වී ඇති වීසා බලපත්‍ර හෙටින් නිමා වීමට නියමිතය.මේ අතර පසුගිය දිනයෙක “දිවයින”පුවත් පතට ප්‍රකාශයක් කළ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා පලා ගිය කතාව නිර්මාණය කළ එකක් බවත් ඔහු විදේශ ගත වූයේ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට බවත් ය.

කාලීන පුවත්