ලබන ජනවාරි මාසය වනවිට මෙරට පවතින ඖෂධ හිඟය පහව යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඩොලර් මිලියන 27 ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට ලැබුණු බවයි.
ඒ, චීනය මෙරටට ලබා දෙන සෞඛ්‍ය ආධාරවල දෙවැනි අදියර ලෙසයි.
ඩොලර් මිලියන 42 ක වටිනාකමකින් යුත් තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් අමෙරිකාවෙන් ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය.