චීන සමාගමක් අපෙන් රිලවුන් ලක්ෂයක් ඉල්ලුවා තමයි

චීන සමාගමක් රිලවුන් ලක්‍ෂයක් ලබාදෙන ලෙස මෙරටින් ඉල්ලීමක් කර ඇති පුවත කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා තහවුරු කරයි. අභිජනන ක්‍රියාවලිය සහ ප්‍රදර්ශනය සදහා මෙම ඇනවුම ලැබී අතර ඒ පිළිබඳව චීින තානාපති කාර්යාලය සහ චීන රජය නිත්‍යානුකුලව දැනුවත් කර ඇතැයි ද ඒ මහතා කියයි.නමුත් පසුගිය දා මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් මඟින් පවසා සිටියේ චීනය කිසිදු ලෙසකින් එබඳු ඉල්ලීමක් කොට නොමැති බවකි.මෙරට රිලා ගහනය මේ වනවිට ලක්‍ෂ 25 ක් පමණ වන බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගාවලට රිලවුන්ගෙන් විශාල වශයෙන් හානි සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම ඉල්ලීම සැලකිල්ලට ගත් බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වරයා වැඩි දුරටත් කියයි.නමුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට රිලා ගහණය ලක්ෂ තිහක් බව පවසා ඇති පසුබිමක අමාත්‍යංශ ලේකම් වරයා එම සංඛ්‍යාව ලක්ෂ පහකින් අඩු කොට දැක්වීම මතම අමාත්‍යංශයේ කටයුතු වල විධිමත් භාවය නිරූපණය වන බව පවසන සත්ව හිමිකම් ක්‍රියාධරයන් සහ පරිසරවේදීන් පවසනුයේ අමාත්‍යංශය මෙරට රිලා ගහණය පිළිබඳව දක්වන සංඛ්‍යා ලේඛන නියමිත ප්‍රමාණයන්ට වඩා දස ගුණයකින් පමණ වැඩි කොට දක්වන බවකි.

කාලීන පුවත්