ඡන්දය ගැන සාකච්ජා කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ඉදිරි පළාත් පාළන ජන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මැතිවරණ කොමිසම එහි සභාපති නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) රැස්වීමට නියමිත ය.සභාපති වරයා කියා සිටියේ කොමිසමේ සමාජිකයින් වන එම්.එම්.මොහොමඞ්, එස්.බි.දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ යන මහත්වරුන් අදාල රැස්වීමට සහභාගි වන බවකි.මුදල් ප‍්‍රතිපාදන නිසි පරිදි නොලැබිම හේතුවෙන් සැලසුම් කල පරිදි ජන්ද විමසීම එළඹෙන 09 වැනිදා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබූ අතර මෙම සාකච්ඡුාවේදී තැපැල් ජන්දය පැවැත්වෙන දිනය ද තීරණය කිරීමට නියමිත ය.මෙම සාකච්ජාවෙන් අනතුරුව අවශ්‍යතාවය පරිදි රජයේ මුද්‍රණාලය ඇතුළු අනෙකුත් ආයතන කැඳවා ජන්ද විමසීම පිළිබඳව සාකච්ජා කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කීය.

කාලීන පුවත්