ඡන්දය තියනවාද?නැද්ද?කොමිසමේ තීරණය අද

එළඹී ඇති තත්වය අනුව මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද(24) රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවත් එහිදී එදිනට මැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගන්නා බවත් එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.ඔහු වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කළ අතර එහි සාමාජිකයින් පස් දෙනාගේම සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය දා ඒ බව රටට ප්‍රකාශ කළ බවකි.එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සෑම ගැසට් නිවේදනයකටම කොමිසමේ සාමාජිකයින් පස්දෙනාම අත්සන් යොදා ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්