ඡන්දෙ කරන්න මුදල් දෙන්න;මැතිවරණ කොමිසම ජනපතිට ලියයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප‍්‍රකාශ කරයි. පළාත් පාලන මැතිවරණයට අදාළ ප‍්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට තමන්ට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවට කළ දැනුම් දීම මත මෙම ලිඛිත ඉල්ලීම කොට ඇත.

කාලීන පුවත්