ආනයනය සීමා කිරීම නිසා ඉදිරියේ දී ජංගම දුරකථන හා උපාංගවල මිල ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා සඳහන් කරයි.ජංගම දුරකථන සහ උපාංග වල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න තවමත් කිව නොහැකි බවත් එම මිල ඉහළ යාමේ වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.මේ අතර කොළඹ පිටකොටුවේ ජංගම දුරකථන මිල මේ වන විටත් ඉහළ නැඟ ඇති බවට මැසිවිලි නඟන ජනතාව පෙන්වා දෙනුයේ වර්තමානයේ අත්‍යවශ්‍ය මෙවලමක් වන ජංගම දුරකථන ඉදිරියේ දී සුඛෝපභෝගී භාණ්ඩ අතරට ගැනෙනු ඇති බවකි.