ජනතාවට දරා ගන්න බැරි විදිහට විදුලි බිල ඉහළ ගියේ පාලකයන්ගේ ගසා කෑම් නිසයි

ජනතාවට දරා ගන්න බැරිවිදිහට විදුලි බිල ඉහළ ගියේ පාලකයන්ගේ ගසා කෑම් නිසයි ජනතාවට දරා ගත නොහැකි අන්දමට විදුලි ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇත්තේ පාලකයන් ඉන්ධන ගල් අඟුරු වල සිට සිදු කරන මහා පරිමාන ගසා කෑම් නිසා බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ කීහ. ඒ උන් වහන්සේ ඇතුළු ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් රැසක් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.ඊයේ(20)විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම හමුවේ දී සියයට 66 කින් ඉහළ දැමූ විදුලි ගාස්තු සංශෝධනය ජනතාවට දරා ගත නොහැකි බැවින් ඒ සඳහා විපක්ෂයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කරමින් සඳහන් කර සිටියහ.ඉන් අනතුරුව අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා ද ප‍්‍රකාශ කළේ සියලූ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඒකරාශී කර ගනිමින් මෙම විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවකි

කාලීන පුවත්