මෙරට ජනතාව යුක්තිගරුක සහ සදාචාර සම්පන්න කිරීම සඳහා කහ සිවුරු, සුදු ලෝගු ඇතුළු සියලුම ආගමික නායකත්වයන් එකතු විය යුතු යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියති.වර්තමානයේ විවිධ ආගම් අදහන බවට ප්රකාශ කළ ද ඒ සියල්ල මුසාවක් බවට පත් වී මේ වන විට මෙරට සමාජය පාපිෂ්ඨ තත්ත්වයට පත්ව ඇතැයි ද ඩොලර් ලැබෙනවා නම්, රටේ නායකයන් ද ඕනෑම දූෂිත ක්රියාවක් සිදු කිරීමට පෙළඹී ඇතැයි ද කී අග රදගුරු හිමිපාණෝ එවැනි තත්ත්වයක් තුළ රට හරිමඟට ගැනීමට සියළු ආගමික නායකයන් එක්විය යුතු බව ද කියා සිටියහ .උන් වහන්සේ මේ බව කියා සිටියේ, ඇඹිලිපිටියේදී පසුගියදා පැවති උත්සවයක් අමතමිනි.