ජනපතිගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පෙර ලිපියේ වලංගු බව විමසා බැලෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් කතානායක කාර්යාලය වෙත ලැබි ඇති බව එම කාර්යාලය තහවුරු කරයි.එමෙන්ම ජනාධිපති වරයා තම අස්වීමේ ලිපිය කතානායක වරයා වෙත යොමු කොට ඇති බව ඒ එෆ් සී ප්‍රංශ පුවත් සේවය ද පවසා තිබේ.එහෙත්,එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් පසුව ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමට අදාළ නිවේදනය අද(15)නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව කතානායක කාර්යාලය සඳහන් කර සිටියි. එමෙන්ම එම ලිපියේ මුල් පිටපත සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික නියෝජිතයන් යොමු කොට ඇති බවද කතානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.එමෙන්ම මේ වන විට සමාජ ජාල වල සංසරණය වන “ජනාධිපති ධුරයෙන් ඉවත් වීම”යන ලිපිය සාවද්‍ය එකක් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

කාලීන පුවත්