ජනපතිවරණයට අපි තනිව එනවා;සමාජවාදී වැඩපිළිවෙළක් නැති මාලිමාවට අපේ සහායක් නෑ

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම තරඟ කරන බවත් කිසි ලෙසකින්වත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග මාලිමා අපේක්ෂකයාට සහාය නොදක්වන බවත් කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බවත් ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජිකා සුරේඛා සමරසේන මහත්මිය පවසයි.බොහෝ විට එම අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා නොවන බවත් අලුත්ම අපේක්ෂකයෙක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ලබන සතියේදී ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන බවත් එහි කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඇය වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්