මේ වන විට සිදුකර ඇති සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වාර්තාගත විශිෂ්ඨ ජයග්‍රහණයකින් මෙරට ඊළඟ විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන බව සනාථ වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.මෙවර සජිත් ප්‍රේමදාස මහතා දෙවන අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ තිහකින් අවම වශයෙන් ඡුන්ද ලබා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද නලින් බණ්ඩාර මහතා කියා සිටියි.