ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් කණ්ඩායමක්

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුව මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් (EOM) ශ්‍රී ලංකාවට යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන් සමඟ දිගු ඉතිහාසයක් ඇති අතර යුරෝපා සංගමයේ කැපවීම සහ ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය පිළිබිඹු කරමින් 2019 දී අවසන් වරට අවස්ථා හයක් තුළ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් යොදවා ඇත.

ඒ අනුව යුරෝපා කොමිසමේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති සහ උප සභාපති ජෝෂප් බොරෙල් මහතා විසින් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නැකො සැන්චෙස් ආමර් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා පත්කර තිබේ.

කාලීන පුවත්