ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ දෙකක්

මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරින් අවශ්‍ය ප්‍රමාණය කොටස් වශයෙන් තෝරා ගන්නා බවයි.

අයැදුම්පත් කැඳවා සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

කාලීන පුවත්