ජනපති-අගමැති විරසකයක වත්මන් රජය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මතු වන කරුණු කිහිපයක් මුල් කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විසම්මුතියක් හට ගෙන ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(20) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වුව ද ස්වල්ප වෙලාවකින් පිටව ගොස් තිබේ. එම රැස්වීමට කැබිනට් ඇමතිවරුන් ද සහභාගි වී ඇත්තේ කිහිප දෙනකු පමණි ඒ සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරුන් පිරිසක් සිය විරෝධය පළ කර ඇත. මෙහි දී පොදුජන පෙරමුණේ අගමැතිවරයකු පත්කරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා මෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කළ ඉල්ලීමක් ජනාධිපති වරයා පිළිගෙන තිබේ.