ජනපති අපේක්ෂකයන් 38න් වියදම් ලැයිස්තුදී ඇත්තේ හතරදෙනයි

ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් 38 දෙනාගෙන් සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු තවමත් ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් සිව් දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

ජනාධිපතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන් මෙමස 13 වැනිදාට පෙර සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයි.

දැනට මෙම ලේඛන ඉදිරිපත් කර ඇත්තේ පේමසිරි මානගේ, මහින්ද දේවගේ, කේ.ඒ. කුලරත්න සහ විජයදාස රාජපක්ෂ පමණි.

කාලීන පුවත්