ජනපති ඉල්ලා අස්වෙයි;නව අගමැති පිළිබඳ යෝජනාව හෙට කතානායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට කතානායකවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි භාර කාර ආණ්ඩුව පිළිබඳ ඉදිරි ක්රියා මාර්ග වලට එළඹීමට හැකි වනු ඇත.සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් අගමැති වරයෙකු නම් කරන ලෙස වැඩ බලන ජනාධිපතිවරයා විසින් කථානායකට කල ඉල්ලීමට අනුව හෙට(15) පෙරවරු 10 ට පෙර එම නාමය කථානායක වරයා වෙත යොමු කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.ඊට අදාළ එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ විසින් ආණ්ඩුවේ කණ්ඩායම් සමග සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිකුත් කල ට්විටර් සටහනක සඳහන් වේ.