රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව අද (07) දෙවන දිනටත් පැවැත්වෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගෙන සිටියි.
මේ අතර පාර්ලිමේන්තුව අවට විශාල පොලිස් සහ හමුදා බල ඇනි සේම සන්නද්ධ රථ ද ස්ථාන කර ඇති අතර පාර්ලිමේන්තුව වෙත පැමිණිය හැකි සියළුම මාර්ග වලට මාර්ග බාධක යොදා තිබේ.