ජනපති ධූර කාලය වසර පහක් බව ජනපති රනිල් ගේ දැඩි ස්ථාවරයයි

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.චමින්ද්‍ර දයාන් ලේනව යන අය ජනාධිපති වරයාගේ ධුරකාලය සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත්තේ තමාගෙන් හෝ තම නීතිඥවරුන්ගේ අදහස් විමසීමකින් තොරව බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.ඒ අනුව 2024 ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම් සභාව කටයුතු කිරීම නිවැරදි බව ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

කාලීන පුවත්