ජනපති නියම කළ නව සහල් මිල අද සිට

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ.

ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක්දීයි.
ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පවසමිනුයි ජනපති සහල් මිල පහත පරිදි නියම කර ඇත.

ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225 ක් ලෙසත් සිල්ලර මිල රුපියල් 230 ක් ලෙසත්, සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215 ක් ලෙසත්, සිල්ලර මිල 220 ක් ලෙසත් ක්‍රියාත්මකවණු ඇති.

ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 ක් ලෙසත්, සම්බා කිලෝවක තොග මිල රුපියල් 235 ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 240 ක් ලෙසත් අද සිට ජනතාවට ලබා ගත හැකිවන අතර, කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 ක් ලෙසත් සිල්ලර මිල රුපියල් 260 ක් ලෙසත් මිල නියම වණු ඇති.

කාලීන පුවත්