නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව ඊයේ (18) ප්‍රතික්ෂේප කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් සත් දෙනාගෙන් පස් දෙනකුම ඊට දැඩි විරෝධය පළ කොට තිබූ අතර ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශයට පසුගිය කාලයේදී විවිධ පාර්ශ්වවල විරෝධය පළ විය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස් විය.