ජනපති මැදුරේ අරලිය ගහ මැදුරේ තිබූ පැරණි කෞතුක භාණ්ඩ දහසකටත් වඩා අතුරුදන් ලු

ජනපති මැදුරේ අරලිය ගහ මැදුරේ තිබූ පැරණි කෞතුක භාණ්ඩ දහසකටත් වඩා අතුරුදන් ලු අරගලකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසු ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මැදුරේ තිබූ පැරණි හා පෞරාණික වටිනාකම් සහිත වටිනා කෞතුක වස්තු 1,000 කට වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බව පොලිසිය කියයි.ජනාධිපති මන්දිරය පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කර ඇතත් එහි ඇති පුරාවස්තු සහ විවිධ කෞතුක වස්තු පිළිබඳ සවිස්තර වාර්තාවක් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම විමර්ශන නිලධාරීන්ගේ දැඩි සිත්තැවුලට හේතු බව පැවසෙයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ අතුරුදන් වූ පෞරාණික භාණ්ඩ සංඛ්‍යාව 1000 ඉක්මවිය හැකි බවට පොලිසිය ඇස්තමේන්තු කළ ද ඒ පිළිබඳ නිශ්චිත සහ පැහැදිලි තොරතුරු ලබාගැනීම දුෂ්කර වනු ඇති බවයි.එහෙත් එම මන්දිර ඩලට විරෝධතා කරුවන් ඇතුළු වීමෙන් පසු ඒවායේ ඇතුළු කාමර වලට පවා පිවිස ඇති පිරිස් ඒවායේ තිබූ තවත් බොහෝ දේ රැගෙන යන්නට ඇතැයි අනුමාන කෙරේ.

කාලීන පුවත්