ජනපති රනිල් එජාපයෙන් ඉවත් වී පොහොට්ටුවට ආවොත් ජනපති අපේක්ෂකත්වය දීම ගැන සලකා බලනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.ඔහු එසේ ඉදිරිපත් නොවූව ද ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කරයි.එමෙන්ම ඔහු පවසනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන් දැයි නිසි වෙලාවට ප්‍රකාශ කරන බවකි.කාරියවසම් මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ තාක්ෂණ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාලීන පුවත්