ජනපති රනිල් ගෙන් මෝදිට සුබ පැතුම්!

මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය සහිත ඩී.එන්.ඒ සන්ධානය ලත් ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නරේන්ද්‍ර මෝදි මහතා වෙත සුබ පැතුම් එක් කොට තිබේ.නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනතාව දක්වන විශ්වාසය මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල අඛණ්ඩ වර්ධනය පිළිබඳව විශ්වාසය පළ කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් ව තිබේ.

කාලීන පුවත්