ජනපති හා එක් වන්නැයි සජිත්ට සජබයෙන් ඉල්ලීම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති කර ගන්නා දේශපාලන එකඟතාවක වැදගත් කම සමගි ජනබලවේග ජ්‍යෙෂ්ටයන් කිහිප දෙනකුම සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරයා හමු වී පොදු ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණිය යුතු බවත් ඒ සඳහා ඉදිරිපත් වීමට දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨයන් සුදානමින් සිටින බවත් වාර්තා වේ. ඒ අතර සමඟි ජන බලවේගයේ ගම් මට්ටමේ පාක්ෂිකයන් තුළ රනිල් මේ වන විටත් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ප්‍රසාදයක් පළ වෙමින් පවතින අතර එක්සත් ජාතික පක්ෂය හැර සමගි ජනබලවේගයට පැමිණි ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනකුම යළි එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වීමට සූදානමින් සිටින බව ද සමගි ජනබලවේග ජ්‍යෙෂ්ටයන් සජිත් ප්‍රේමදාස මහතාට පවසා ඇත

කාලීන පුවත්