ජනපති හෙට ඉල්ලා අස්වේවි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(10) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් තමන්ට විශ්වාස කටයුතු තොරතුරක් ලැබී ඇති බව පවසන නානායක්කාර මහතා ජනාධිපතිවරයා ගෙදර යා යුතු බව දැන් සියලු දෙනාම පවසන බව ද පැවසීය.සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව අද(09) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පළ කළේය.

කාලීන පුවත්