ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් වැසෙන හැටි

මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිසා දිවයිනේ සියලු පාසල් වසා තැබෙන ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.මෙම මස 20 වැනිදා වසා දමන එම පාසල් නැවත ආරම්භ කරන්නේ 23 වැනිදා ය.අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන අන්දමට ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 19 වැනිදා පාසල් වේලාවෙන් පසු අවශ්‍යතාව පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදිය යුතු ය.ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් මෙම මස 13, 14, 15, 18, 19 ආදී වශයෙන් වසා දැමීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය 18 වැනිදා සිට 24 වැනිදා දක්වා වසා තැබේ.ගම්පහ විද්‍යාලෝක මහා විද්‍යාලය සහ නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලය 14 වැනිදා සිට 24 වැනිදා දක්වා වසා තැබේ.කළුතර තිස්ස මහා විද්‍යාලය සහ කළුතර මියුසියස් විද්‍යාලය 15 දා සිට 24 වැනිදා තෙක් වසා තැබේ.මහනුවර ආදර්ශ විද්‍යාලය 14 වැනිදා සිට 23 වැනිදා දක්වා වසා තැබේ.
මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසල 14 වැනිදා සිට 22 වැනිදා දක්වා ද නුවරඑළිය ගාමිණී ජාතික පාසල 13 දා සිට 23 වැනිදා දක්වා ද වසා තැබේ.ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය සහ ගාල්ල ඇලෝෂියස් විද්‍යාලය 13 වැනිදා පාසල් වේලාවෙන් පසු 22 වැනිදා දක්වා වසා තැබේ.මාතර රාහුල විද්‍යාලය 13දා සිට 23 දක්වා ද මාතර සුජාතා විද්‍යාලය 20 දා සිට 22 දක්වා ද මාතර මධ්‍ය මහා විද්‍යාලය 19 දා සිට 21දා දක්වා ද වසා තැබේ.හම්බන්තොට ජාතික පාසල 14 දා සිට 23දා දක්වා ද යාපනය මධ්‍ය විද්‍යාලය 16 දා සිට 22 දක්වා ද, වව්නියාව සෛවවුගාෂා බාලිකා විද්‍යාලය 18 දා සිට 22 දක්වා ද, මඩකලපුව හින්දු විද්‍යාලය 13 දා සිට 23 දා දක්වා ද, ත්‍රිකුණාමලය විපුලානන්ද විද්‍යාලය 11 දා සිට 23 දා දක්වා ද, මුලතිව් මහා විද්‍යාලය 18 දා සිට 22දා දක්වා ද වසා දැමේ.කුරුණෑගල මලියදේව පිරිමි, සහ බාලිකා ජෝන් කොතලාවල මහා විද්‍යාලය 16 දා සිට 24 දා දක්වා ද වසා දැමේ.
කුරුණෑගල ලක්දාස් ද මැල්, සහිරා හින්දු දෙමළ, වයඹ රාජකීය සහ නිශ්ශංක යන විද්‍යාල 19දා සිට 21දා දක්වා ද වසා දැමේ.පුත්තලම ෆාතිමා මුස්ලිම් බාලිකා, සෙයිනබි බාලිකා ප්‍රාථමික, ශාන්ත ඇන්ඩෲ මධ්‍ය විද්‍යාලය යන පාසල් 13 දා සිට 24 දා දක්වා වසා දැමේ.අනුරාධපුරය මධ්‍ය විද්‍යාලය 14 දා සිට 24 දා දක්වා ද, පොළොන්නරුව රාජකීය 16 දා සිට 23 දා දක්වා ද, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, විශාඛා උසස් බාලිකා ප්‍රාථමික අංශය, මොණරාගල රාජකීය ජාතික පාසල 14 දා සිට 23 වැනිදා දක්වා ද වසා දැමෙන අතර රත්නපුර කුමාර විද්‍යාලය 13 දා පස්වරු 2.00 සිට 22 දා දක්වා ද, කෑගල්ල බාලිකා සහ ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය 13 දා සිට 24 දා දක්වා ද වසා දැමේ.

කාලීන පුවත්