නව ජනාධිපති අපේක්ෂකයන් තම ප්‍රතිපත්ති ජනතාවට දැන ගැනීම සඳහා හැකි ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බවත් එයට පවතින්නේ තවත් පැය ක කාලයක් පමණක් බවත් එය දැනගැනීම මහජනතාවගේ අයිතියක් බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.“අපිට දැනගන්න අවශ්‍යයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරියට යනවද නැද්ද කියන ප්රශ්නය. ඒ ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක මහත්තුරු හා වෙනත් ඒ ඉන්න ඕනම අපේක්ෂකයෙක් පිළිතුරු දිය යුතුයි. ඒ වගේම මුල්‍ය අරමුණ අරමුදල ඉදිරියට යද්දී රටේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ගන්නා වූ උත්සාහය කොයි වගේද? රජයේ ආදායම් වැඩිකර ගැනීම, වියදම් කප්පාදු කරන්න යන්නේ කොහොමද? රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරන්න යන්නේ කොහොමද? කියන ඒ ආර්ථිකයේ මූලික උපායන් පිළිබඳ තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුයි”.යනුවෙන් ද පාඨලී චම්පික රණවක මහතා පවසයි.