ජනාධිපති මන්දිරයට, අරලිය ගහ මන්දිරයට හානි කළවුන්ට පුරා වස්තු ආඥා පනතින් නඩු

පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය ආදී ස්ථානවලට හානි සිදු කළ පුද්ගලයන් ඇඟිලි සලකුණු මාර්ගයෙන් හඳුනාගෙන පුරා වස්තු ආඥා පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පැවරීමේ සූදානමක් පිළිබඳව වාර්තා වෙයි.මෙම ආඥා පනත යටතේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් සඳහා ඇප ලබා දීමේ බලයක් මහේස්ත්‍රාත් වරයකුට නොමැති අතර මෙම නෛතික ක්‍රියා මාර්ගය අරගලය මැඩ පැවැත්වීම පිණිස අරගල රජය ගෙන යන වැඩ පිළිවෙලේ කොටසක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.ගාළු මුවදොර පිටියේ පැවැති විරෝධතාවය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

කාලීන පුවත්