ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.ඔහු සමඟ 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණි බව ද වාර්තා වෙයි.විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් කටුනායක ගුවන් තොටු පළේ දී ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබිණ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව දුරටත් සවිමත් කිරීම අරමුණු කර ගත් ඔහුගේ නිල සංචාරය අතරතුරදී මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතය.