. ජවිපෙ නම් ටිකක් ඉස්සරහට එනවා අනික් පක්ෂ ඉවරයි අද වන විට ජනතා විමුක්ති පෙරමුණ මඳක් ඉදිරියට පැමිණ ඇති මුත් අනිත් පක්ෂ විනාශ වී ඇතැයි හිටපු ජනපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියයි. “ජනතා විමුක්ති පෙරමුණ නම් දැන් ටිකක් ඉදිරියට එනවා. අනිත් පක්ෂ ඉවරයි. රටේ ප්රධානම පක්ෂයක් වුණු එක්සත් ජාතික පක්ෂයත් කෑලි දෙකකට කැඩිලා ඉවරයිනෙ. ශ්රී ලංකා නිදහස් පක්ෂයත් මේ වන විට නැත්තටම නැති කරලා. මම ඒ පිළිබඳව අතිශයින්ම කණගාටු වෙනවා.දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්රීවරු විතරක් කෑලි හයකට කැඩිලා ඉන්නේ.රාජපක්ෂලා සෑහෙන පිරිසක් පොහොට්ටුව අරන් ගියා . මහින්ද රාජපක්ෂට හීනයක් තිබුණා ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා ඒ අයගේ දර්ශනය අනුව නැවත ගොඩ නගාගන්න. මහින්දලාට බණ්ඩාරනායක දර්ශනය කවදාවත්ම හරියන්නේ නැහැ”යැයි ද හිටපු ජනපතිනිය කීවාය. ශ්රී ලංකා පොදු ජන පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජයරත්න හේරත් මහතාගේ කුරුණෑගල වඳුරාගල පිහිටි නිවසේ මෙම ජන හමුවකට එක් වෙමින් ඇය එම අදහස් පළ කරන ලදී.