රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන පියදාස රත්නසිංහ මහතා අභාවප්‍රාප්ත විය. විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා කෙටි කලක් ගුරුවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව 1969 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා රත්නසිංහ මහතා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව නිල වශයෙන් විවෘත කිරීමටත් පෙර ඊට අන්තර්ග්‍රහණය වූ අතර එහිදී ඔහු ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්රයේ ප්‍රථම වාර්තා වැඩසටහන මෙන්ම සංගීත වීඩියෝව ද අධ්‍යක්ෂණය කරමින් වාර්තාවක් තැබීය.ඉන් පෙර ඔහු ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අධ්‍යාපනික සහ ළමා වැඩසටහනක් වූ ‘ගුරුකුලය’ යෞවනයන් අතර වඩාත් ජනප්‍රිය වැඩසටහනක් විය. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදකයෙකු ලෙස සම්බන්ධ වීමෙන් පසු ඔහු ඉතා කෙටි කාලයක් තුළ සහකාර අධ්යක්ෂ, සැලසුම් සහ ඉදිරිපත් කිරීම දක්වා උසස් කරන ලදී. ඔහු ‘ආයුබෝවන්’ වැඩසටහන ඇතුළු නව වැඩසටහන් කිහිපයක් නිර්මාණය කළ අතර ඔහුට නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කිරීමටත් කළමනාකරණ මට්ටමින් වැඩ කරන අතරතුර වැඩසටහන් නිෂ්පාදනය කිරීමටත් ඉඩ ලැබුණි.රත්නසිංහ මහතා ඕස්ට්‍රේලියාව, ජපානය, මැලේසියාව සහ තවත් රටවල් කිහිපයක විද්‍යුත් මාධ්‍ය පිළිබඳ වැඩිදුර පුහුණුව ලබා ඇති අතර ඔහු විද්‍යුත් මාධ්‍ය ප්‍රවීණයන් බොහොමයක ගේ ආචාර්ය වරයෙකි..පියදාස රත්නසිංහ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.