ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීම ගැන සළකා බලයි

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් පසුව ඒ වෙනුවෙන් ගත හැකි සියලුම පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ, ජෙරී රයිස් පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමසූ මාධ්‍යවේදිනියක නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට ශ්‍රී ලංකාව විශාල ආර්ථික අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බවයි.මේ සම්බන්ධයෙන් පසුගියදා සකස් කර අවසන් කෙරුණු “ආර්ටිකල් ෆෝ” උපදේශනයේදී කරුණු කිහිපයක් ඉදිරිපත් කළ බව ද ජෙරී රයිස් වැඩිදුරටත් සඳහන් කොට ඇත.ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය පහසුකම් සැළසීමේ දී සාර්ව ආර්ථික ස්ථාවරත්වය, සහ ණය තිරසාරත්වය වැනි අංශ සඳහා පිළිගතහැකි සහ සුසංයෝගී ක්‍රමවේදයක් අවශ්‍ය වන බව ද එහිදී ජෙරී රයිස් පෙන්වා දී තිබේ.එමෙන්ම මෙම මූල්‍ය පහසුකම් සැළසීමේ දී සමාජයේ අවදානම් කොටස් ආරක්ෂාකර ගැනීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් අපේක්ෂා කරන බව ද ඔහු පවසා ඇත.

කාලීන පුවත්