2024 මහමැතිවරණයේ නිකුත් කෙරුණු ඡන්ද ප්රතිඵල වලට අනුව ශ්රී ලංකා ඉතිහාසයේ තනි පක්ෂයක් ලබාගත් ඉහළම ජයග්රහණය ලෙස වාර්තාවක්ද තබා ඇති ජාතික ජන බලවේගයට 68 ලක්ෂයක් ඡන්ද ලැබී ඇති අතර මෙතෙක් ශ්රී ලංකා ඉතිහාසයේ තනි පක්ෂයක් ලබාගත් ඉහළම ජයග්රහණය ලෙස වාර්තාවක් ද තබා ඇත.ඡන්ද පවත්වා ලබාදෙන ආසන 196 න් 141 ක බලය ජාතික ජනබලවේගය සතුකරගෙන තිබෙන අතර ඉදිරියේ ලැබෙන ජාතික ලැයිස්තු ආසන බෝනස් ආසන එකතුව අනුව 150 ඉක්මවා එනම් 2/3 බලයක් සහිත ආණ්ඩු පක්ෂයක් පිහිටුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.මේ දක්වා කිසිදු මහමැතිවරණයකදී මේ තරම් ඉහළ ජයග්රහණයක් අත්කරගැනීමට කිසිදු තනි පක්ෂයකට හැකියාව ලැබී නැති අතර සන්ධනාගත වී 2/3 බලය තනාගත් පක්ෂ පිළිබඳව පමණක් වාර්තා වෙයි.