ජාතික මට්ටමේ තරුණ නායකත්වයක් පතා පොහොට්ටු ජාතික සංවිධායක කම නාමල්ට

එළඹෙන නොවැම්බර් දෙවැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු(පොහොට්ටු ) සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාන ධුරයට ද පත් කිරීමට යෝජනා වී ඇත.දැනට එම පක්ෂයේ සභාපති ධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ද යෝජනා වී තිබේ.නාමල් රාජපක්ෂ මහතා එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරනුයේ ශ්‍රී ලංකා දේශපාලනයට ජාතික මට්ටමේ තරුණ නායකත්වයක් ලබා දීමේ වැඩ සටහනක් යටතේ මෙය ක්‍රියාවට නැංවෙන බවකි.එහෙත්,රාජපක්ෂ පවුල් දේශපාලනය යටතේ රටට මේ වන විට සිදුව ඇති අනර්ථය සලකා එම පවුලේ සාමාජිකයන් දේශපාලන භූමියෙන් මුළුමනින්ම ඉවත් විය යුතු බවට පසුගිය දා විශාල උද්ඝෝෂණයක් ඇති විය.

කාලීන පුවත්