මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) ඇැරැඹේ. එය ලබන 27 දා දක්වා පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ජාතික වෙසක් සතිය නිමිත්තෙන් සමාරම්ක උත්සවය අද (21) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම 23 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද වෙසක් සතිය නිමිත්තෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන ජාතික මහෝත්සවයට එක්වීමට නියමිතය.