ජීවන් තොණ්ඩමන්ට අධිකරණයෙන් වරෙන්තු

පසුගිය මැයි (30) දින ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළිය පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) දින කරුණු වාර්තා කල අවස්ථාවේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලිසියට නියෝග කර ඇත.

කාලීන පුවත්