“ජොගින් ට්‍රැක්” ව්‍යාපෘති අනුමත කරන්න බැහැ

රටේ මුදල් නොමැති මෙවන් අවස්ථාවක රුපියල් කෝටි 200ක් වියදම් කොට ඇවිදින මං තීරු හෙවත් “ජෝගින් ට්‍රැක්” දැමීම කෙසේවත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිසමේ ලේකම් ජනරාල් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා සඳහන් කරයි.
ඒ මහතා මහතා වැඩිදුඅරටත් ප්‍රකාශ කළේ දැනට පවතින කොවිඩ් වසංගතය නිම කොට රට දියුණු කිරීමෙන් අනතුරුව ඒ ගැන අවධානය යොමු කළ යුතු යුතු වුවත් රටේ මුදල් නොමැති අවස්ථාවක මෙවැනි කටයුතු සඳහා මුදල් වැය කිරීම ඵලදායිතාවයක් නොමැති බවකි.එමෙන්ම බහුතර ගොවි ජනතාවක් වෙසේන් අනුරාධපුරයට සහ පොළොන්නරුවට කොළඹට මෙන් “ජෝගින් ට්‍රැක්”අවශ්‍ය නොවන බව ද ආචාර්ය මීගස්වත්ත මහතා පෙන්වා දෙයි.

කාලීන පුවත්