සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් ඇගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.ඒ අනුව දොසැම්බර් 12 වැනි දා අධිකරණයේ කරුණු දක්වන්නැයි ද, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණ නොතිසි නිකුත් කළේය.අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභායට පිළිබඳ සියලු ලිපි ලේඛන එදින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළේය.