ඩයනා ගමගේ අත් අඩංගුවට ගන්න අධිකරණ නියෝග ඕනෑ නෑ

ආගමන විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර සඳහා ඇය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය බලය පවතින බැවින් අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද(24) ප‍්‍රකාශ කළේ ය.ඒ ප‍්‍රමාණවත් සාක්ෂි තිබිය දී ඩයනා ගමගේ මහත්මියව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු කර නොමැති බව මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වන ඕෂල හේරත් මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී සලකා බැලූ අවස්ථාවේදීයි.එහිදී මහෙස්ත‍්‍රාත්වරයා අවධාරණය කළේ ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ විමර්ශන නිලධාරීන්ට නීතිමය බලය තිබෙන බවයි.

කාලීන පුවත්