ඩීසල් මෙට්රික් ටොන් 40,000ක් රැගත් නෞකාව කොළඹ වරාය වෙත ළඟාවී තිබේ.
පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමාවීමත් සමග දිවයින පුරා පිරවුම්හල් අසල මේ වනවිටත් දිගු පෝලිම්වල දක්නට ලැබෙයි.
මේ අතර දින 3කට ආසන්න කාලයක් ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හලක් අසල රැඳී සිටි පුද්ගලයෙකු අද අලුයම මියගොස් තිබුණි.