ඩීසල් හිඟයෙන් දරුවන්ගේ පාසල් ගමන් වලට බාධා

ඩීසල් හිඟයෙන් දරුවන්ගේ පාසල් ගමන් වලට බාධා අද(07) දිනයේ පාසල් ආරම්භ කළ ද පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් සිසුන් සඳහා වන පොදු ප්‍රවාහන සේවා අඩාලව පැවැති බව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වෙයි.පවත්නා තත්වය යටතේ මේ වන විට ධාවනයට එක් කිරීමට හැකිව ඇත්තේ සාමාන්‍යයෙන් ධාවනය වන බස්රථ සංඛ්‍යාවෙන් සියයට 25 ක පමණ ප්‍රමාණයක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. පසුගිය කාලය තුළ පුරා පැවැති ඉන්ධන හිඟය මත කාර්යාල සේවා සඳහා ලබා දුන් ප්‍රමුඛත්වය අද සිට පාසල් සේවා සඳහා ද ලබා දීමට සිදු ව ඇති බව විජේරත්න මහතා සඳහන් කරයි.මේ අතර රට පුරා ලංගම ඩිපෝ හතලිස් පහකින් පළාත් බද පෞද්ගලික බස් රථ සඳහා ලීටර් සියය බැගින් ද අන්තර් පළාත් බස් රථ සඳහා ලීටර් එකසිය පනහ බැගින් ඩීසල් නිකුත් කිරීම සඳහා රජය විසින් පනවන නියමය ක්‍රියාත්මක කොට ඇත්තේ ඩිපෝ තුනකින් පමණක් බව පැවසූ ලංගම ජ්‍යෙෂ්ඨ නිලධාරී වරයකු කියා සිටියේ ලංගමය මුළුමනින් අඩාල කර දැමීමේ එම තීරණය ආමාශගත ආහාර කෙනකුට දන් දෙන ලෙස කළ නියමයක් බඳු බැවින් කිසිදු ලංගම සේවකයකු ඊට එකඟ නොවන බවය.එමෙන්ම මෙවැනි අඳ බාල දේශපාලන තීන්දු තීරණ මත වත්මන් ආණ්ඩුව විසුරුවන දිනයේ ලංගමය ද විසුරුවා හැරිය නොහැකි බව ද එම නිලධාරියා කීය.

කාලීන පුවත්