ඩෙංගු අධි අවදානම් කලාප ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ දිනවල දිවයිනට ඇදහැලෙන වර්ෂාවත් සමග ඩෙංගු අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා කියා සිටියි.

මේ දක්වා වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 69,008 දෙනෙකු වාර්තා වී ඇති අතර, පසුගිය මාසයේ පමණක් රෝගීන් 4,000 ක් වාර්තා විය.

කාලීන පුවත්