ඩෙංගු ඇතුළු වෛරස් උණ වැළඳුණු දරුවන් ගේ ගණන ඉහළට

ඩෙංගු ඇතුළු වෛරස් උණ වැළඳුණු ළමුන් රෝහල්ගත වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය ජී.විජේසූරිය මහතා කියයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ මේ වනවිට ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් 30 ත් 35 ත් අතර සංඛ්‍යාවක් නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා බවකි.එබැවින් ළමුන් පාසල් යැවීමේ දී සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනිවාර්යයෙන් අනුගමනය කරන්නැයි ද ඔහු දෙමාපියන්ට දැනුම් දී තිබේ.

කාලීන පුවත්