ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවෙයි

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එහි සභාපති නිජිත් සුමනසේන සඳහන් කළේය.

මේ අතර අද (26) සිට මැයි 2 වැනිදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ වසරේ මේ දක්වා වාර්තාවූ ඩෙංගු රෝගීන්ගෙන් 49%ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බවයි.

ඒ අනුව, ඩෙංගු වැඩි අවදානමක් සහිත සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

ජනතාව දැනුවත් කිරීම, නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම, ඇතුලු කටයුතු මෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පාර්ශවයන්වලට නීතිමය පියවර ගැනීමද මෙහිදී සිදුවන බවයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ.

කාලීන පුවත්